Wednesday, February 11, 2026

වන බඹරා වන බඹරා

වන බඹරා වන බඹරා (ආ. ආ....
මලට වනී
මල නොතළා පැණි උරලා (ආ. ආ....

ගිය සෙ වැනී


ඕ හෝ .... 

පේන පේන මල සිඹලා

ඒවි ඒවි වන බඹරා

නින්දා දෙන්නේ පෙම් ලොව මේ බඹරා


ඕ හෝ .... 

ඒවි හුරතලා දැන් දැන්

මෙන්න ඒ නිසා මල් වැල්

ළං වේ මංගල කිංකිණි හඬවන දා


මා ප්‍රේම සයුරෙ ගිලිලා

එම ගීතිකාව ගයලා

ජය කේළි නගමි සැමදා


අභිෂේක ලබමි ලොව

ප්‍රේම රැජිණ ලෙද

ප්‍රේම කිරුළ පළඳා ....//


ඕ හෝ .... 

පේන පේන මල සිඹලා

ඒවි ඒවි වන බඹරා

නින්දා දෙන්නේ පෙම් ලොව මේ බඹරා


එනවා සමන් මලේ

එනවානේ දුරින් වගේ ...//

රාජා ළඟා වෙ ප්‍රේමේ

රාජා ළඟා වෙ ප්‍රේමේ

රාජා ළඟා වෙ ප්‍රේමේ


ඕ හෝ .... 

පේන පේන මල සිඹලා

ඒවි ඒවි වන බඹරා

නින්දා දෙන්නේ පෙම් ලොව මේ බඹරා


මා ප්‍රේම සයුරෙ ගිලිලා

එම ගීතිකාව ගයලා

ජය කේළි නගමි සැමදා


අභිෂේක ලබමි ලොව

ප්‍රේම රැජිණ ලෙද

ප්‍රේම කිරුළ පළඳා ....//


ඕ හෝ .... 

පේන පේන මල සිඹලා

ඒවි ඒවි වන බඹරා

නින්දා දෙන්නේ පෙම් ලොව මේ බඹරා


ගායනය - රුක්මණී දේවි

පද - ආනන්ද සරත් විමලවීර

සංගීතය - බී.එස්. පෙරේරා


1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.


No comments: