"පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගීත ගෙන එන්න කියලා මට ලැබුණු ඇවටිලි වලට ඉක්මණින් ප්‍රතිචාර දක්වන්නට නොහැකි වූයේ, යම් යම් තොරතුරු තහවුරු කර ගැනීම දුෂ්කර වූ නිසයි.
බොහෝ තැන්හී "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගී තනු ස්වතන්ත්‍ර නිර්මානයන් ලෙසයි සඳහන්ව ඇත්තේ.
එහෙත් කලකට ඉහත මට මගේ ගවේෂණයන් හී දී සොයා ගත හැකිවූ තොරතුරු අනුව ඒ එසේ නොවේ.
"මුහුදේ පතුළේ කිමිදී" යන ගීය බටහිර ගීයක තනුවට නිර්මානය වූවක්. එය ඉතා පැහැදිලියි.
තවත් පසු කාලෙක "හද සිදුරු වුණා මාගේ" ගීය ද තෙළුගු ගීයක් පාදක කරගෙන ගොඩ නැඟූ ගීයක් බවත් දුටුවා.
ඒ අනුව "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියට බී.එස්. පෙරේරා වෙනත් ගී තනු භාවිතා කර ඇති බව මට විශ්වාසයක් තියෙනවා. එය සනාථ කිරීමට මට බොහෝ තැන් වල පීරමින් තොරතුරු හාරා අවුස්සන්නට සිදුවුණා.
දැනට ගී තුනක තනු ගැන මට සාක්ෂ්‍ය සහිතව ඉදිරිපත් කළ හැකියි.
මගේ ගවේෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊට බොහෝ කාලයක් මිඩංග කරන්නට සිදුවෙයි. මොකද වාර්තා ඇත්තෙ නෑ.
මා කරන්නේ අනුමාන කරන තැන් පීරමින් හෝඩුවාවන් හඹා යාමයි.
මා කප්පනා කළ, ලැබන ලැබෙන අන්දමින ඒවා ගෙන එන්න.
එතෙක් "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගී මෙලෙසින් ඔබ වෙත ඉදිරිපත් කරනවා.
"පෙරකදෝරු බෑණා" සිංහල චිත්‍රපටි වංශකථාවේ 31 වැනි ඇසි-දිසි සිනමා කෘතියයි.
එහි නිෂ්පාදනය අලලා "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා වීඩියෝවක් ඉදිරිපත් කරන නිසා, මා "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගී ගැන පමණයි ඉදිරිපත් කිරීම තුළ කතා කරන්නේ.
ගීත නවයක් එහි ඇතුළත් වුණා. සියළුම ගී ජනප්‍රිය වූවා.
ගීත ප්‍රබන්ධ කළේ ආනන්ද සරත් විමලවීර.සංගීත අධ්‍යක්ෂණය බී.එස්. පෙරේරා.
ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්
Alberto Lattuada අධ්‍යක්ෂණය කළ ඇනා ඉතාලියානු චිත්‍රපටිය තිරයේ දිගහැරුණේ 1951 දී. එහි ගී අතිශය ජනප්‍රිය වුණා. Silvana Mangano මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය සිනමා පටියේ රඟමින් ගයන "El Negro Zumbón" යන ගීයට හඬ මුසු කළේ, Flo Sandon.
Pérez Prado (1950s) version
Caterina Valente & Silvio Francesco - Spanish
මේ තනුව යොදා ගනිමින් ගීයක් නිර්මානය වූවා, Sailaab යන නමින් 1956 දී.

No comments:
Post a Comment