සැප නම් වින්දේ (ඒ... ඒ ඒ... ඒ...
දුක පැමිණිය දා
කිමද අඬන්නේ (ඒ... ඒ ඒ...
ඵල නෑ ඵල නෑ
කඳුළැලි බීලා .....
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇති වී නැතිවේ
එය දහමකි ලෝ
මිනිසා ළඟ වේ පවෙහි මුල අහෝ
හැඳින එ පව් දුර ලන උපදේසේ
නොදෙනු මැනවි
තුන් දොර අවකාසේ
පාපේ ගැලීලා
සැප නම් වින්දේ
දුක පැමිණිය දා
කිමද අඬන්නේ
පිපාසයෙන් පීඩිත වූ වේලේ
කිම ඵල මුහුදින්
එය ලුණු රස වේ
පොහොසතාණෝ
මහ මන්දීරේ
විඳිති දුක දිළිඳා ලෙස පාරේ
පොහොසතාණෝ මහ මන්දීරේ
පොහොසතාණෝ මහ මන්දීරේ
විඳිති දුක දිළිඳා ලෙස පාරේ
පාපේ ගැලීලා
සැප නම් වින්දේ
දුක පැමිණිය දා
කිමද අඬන්නේ
පොහොසතාණෝ
මහ මන්දීරේ ...
විඳිති දුක දිළිඳා ලෙස පාරේ ...
විඳිති දුක දිළිඳා ලෙස පාරේ ...
ගායනය - මොහිදීන් බෙග්
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - බී.එස්. පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - බී.එස්. පෙරේරා
1955 දී තිරගතවූ "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment