වන මලේ
පිනි බිඳේ
පිනි බිඳේ
ගලා බසින ඇල්ලේ
තිබේ මිහිර එල්ලේ
කියන්නෙ මේ කවියෝ ....//
පරාද නේ ඒවා
පරාදයි ලාලන රූ හමුවේ
සිනාසී දිනන්නෙ රූපයනේ ...//
වන මලේ
පිනි බිඳේ
ගලා බසින ඇල්ලේ
තිබේ මිහිර එල්ලේ
කියන්නෙ මේ කවියෝ
නා දළු වාගෙ තොලයි
මුතු ටික වාගෙ දතුයි
අඩ සඳේ
රුව සොරා
ගෙන බලා
හැඩ දා වැඩ දා
සිඟිති ඉඟට කදිමයි
ගායනය - රුක්මණී දේවි
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - බී.එස්. පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - බී.එස්. පෙරේරා
1955 දී තිරගතවූ "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගීයකි.
HMV තැටි අංක WN. 568
No comments:
Post a Comment