Wednesday, February 11, 2026

තනිවුණා ප්‍රේම සහරාවේ

හෝ.. තමන්ගේ ආදරී
දුක දී අනේ (ඒ ඒ...

යයි දෝ... දමා විපතේ (ඒ ඒ...

ඔබේ දෙනෙතා

වැසී නොම යේ ප්‍රියේ

මෝහේ ... මුලා වුණා සේ ....


තනිවුණා ප්‍රේම සහරාවේ

නිවුණ දා ප්‍රේමෙ ආලෝකේ ...//


කළේ වැරදී ඔබ ද ලෝකේ

දමාලා මාලිනී සෝකේ


පොවාලා ප්‍රේම රස දහරා

ගියා දෝ වේදනා දීලා

ගියා දෝ වේදනා දීලා


ඕ...

උසස් ගුණ ධර්ම නැති ලෝකේ

මුලා වූවා ද ඔබ මාගේ

මුලා වූවා ද ඔබ මාගේ


දිලේවා ඒ ප්‍රභාමත්

ඔබගෙ පිරිසිදු 

නාමෙ හරදේ හී ...//

ප්‍රභාමත් නාමෙ හරදේ හී


ඔබේ අත නොමැත කිසි වැරදී

අවිශ්වාසේ නසයි ප්‍රේමේ ...//


ගායනය - රුක්මණී දේවි

පද - සරත් ආනන්ද විමලවීර

සංගීතය - බී.එස්. පෙරේරා


1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.


No comments: