Wednesday, February 11, 2026

ආදර නදිය ගලා

ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා
ආ.... පෙම සොයලා

කිරි දිය කඩිති පවා

ආවා  තරඟ පපා

මේ පෙම සොයලා


වන මල තනිව ඔබේ

මිහිරෙන් පිරිලා තිබේ


සමනල කුමරු ඔබේ 

තුරුළෙන් කැපිලා පෙනේ


මා ඔබේ මාලා 

සාලිය තුරුළේ

නෑ මාලිනී ඔබේ 

ගාමිණි උකුලේ


ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ.... පෙම සොයලා


පායාලා..

ප්‍රේමේ තීගේ 

පුරහඳ වාගෙ වසන්තේ


ආදරයේ...

සාරේ බීලා 

තව පෙම් ගීත ගයන්නේ


මිහිරෙහි මිහිර සොයන්නේ


ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ.... පෙම සොයලා


කිරි දිය කඩිති පවා

ආවා  තරඟ පපා

මේ පෙම සොයලා


අග රජ මමයි ඔබේ

ඔබ මා රැජිණී තමා


අමතමි ඔබට මගේ

පෙම් ලෝ රජිඳා කියා

ආදරේ පාලා නැළවෙමු සොඳුරේ

ඕ රාජයාණනී පෙම් රස ඉතිරේ...


ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ.... පෙම සොයලා


පායාලා..

ප්‍රේමේ තීගේ 

පුරහඳ වාගෙ වසන්තේ


ආදරයේ...

සාරේ බීලා 

තව පෙම් ගීත ගයන්නේ

මිහිරෙහි මිහිර සොයන්නේ


ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ.... පෙම සොයලා


ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ.... පෙම සොයලා


ගායනය - රුක්මණී දේවී සමග මොහිදීන් බෙග්

පද රචනය - ආනන්ද සරත් විමලවීර ත

තනුව සහ සංගීතය - බී. එස්. පෙරේරා


1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.


No comments: