අපි යන මේ........
රඟ බලලා...(ආ...
ඇත සතුටින්...
නෑන්දා මාමා...
මග රැකලා....(ආ..
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති
සිතා තොසා වෙන්නටා..//
අලුතෙන් සරණ බැඳා.......(ආ...ආ..ආ
අලුතෙන් සරණ බැඳා නැන්දා මාමලා දිහා
නැන්දා මාමලා දිහා
අලුතෙන් සරණ බැඳා නැන්දා මාමලා දිහා
යන මේ ගැල් ගාලේ රසකැවිලි පටවලා
නෑදෑයෝ එකතුවෙලා
පුරාණයේ සිරිතටා
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති
සිතා තොසා වෙන්නටා
දෙන්නම් මගෙ මැණිකා...(ආ...ආ..ආ
දෙන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් පැණි වරකා..
ගෙදර ගිහින් පැණි වරකා..//
සැනිනේ යමු ගොනුනේ ගිගිරි වැලේ හඬ නගා..
අඳුරු වුණා ඉර ගිලුණා
ගමන තවත් දුර වුණා
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති
සිතා තොසා වෙන්නටා
නොදකින් වයිර ගොනා..(ආ...ආ...ආ
නොදකින් වයිර ගොනාකම්මැලි වී රෑ වුණා
කම්මැලි වී රෑ වුණා..//
නපුරුයි මේ මාර්ගේ සොර සතුරෝ බෝ ඇතා
දැන් ළඟමයි ගමන සරුයි
ටිකෙන් ටිකම ළං වුණා
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති
සිතා තොසා වෙන්නටා
ගායනය - ධර්මදාස වල්පොල සහ පිරිස
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment