සැපත නැතේ වේ සෝකේ
උපත ලබා මේ ලෝකේ
සැපත නැතේ වේ සෝකේ
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ
දනපතිඳා හා දුගියා
කුලපතිඳා හා රොඩියා
කුලපතිඳා හා රොඩියා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ
සැපම සොයාලා නිතිනී
මනුසත මේ ලෝ රැවටී
මනුසත මේ ලෝ රැවටී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ
සැම රෙදි සේදී ජලෙනී
පිරිසිදු වේවී සොඳිනි
පිරිසිදු වේවී සොඳිනි
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ
ගායනය - ධර්මදාස වල්පොල
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.
ගීයේ සිනමා රූප රාමු
No comments:
Post a Comment