Thursday, February 5, 2026

මාතලන් චිත්‍රපටියේ ගීත



සිංහල චිත්‍රපටි වංශකථාවේ 30 වැනි ඇසි-දිසි (කතානාද) සිනමා කෘතියයි "මාතලන්" චිත්‍රපටිය.

එය 1955 අගෝස්තු 27 වැනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් විය.

1943 දී තිරගතවූ "මංගම්මා ශපථම්" යන දමිළ චිත්‍රපටියේ අනුකරණයකි සිංහල "මාතලන්" චිත්‍රපටිය.

එනමුත් "මාතලන්" යනු දකුණු ඉන්දියාවේ ප්‍රකට ජන කතාවකි.

ඒ ගැන පහත කියැවෙන කෘති දෙස් දෙත්.

1951 දී ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ලියූ "සිංහල සිනමා ඉතිහාසය හා විචාරය" යන ග්‍රන්ථයේ 'මාතලන්' නාඩගම් කතාව ගැන සඳහන් කරන එතුමා, එය 1850 දී පමණ පිලිප්පු සිඤ්ඤෝ විසින් ලියන ලද බව ද දක්වා ඇත.

හෙන්රි පාකර්ගේ ජන කතා කෘති මාලාවේ තෙවැනි වෙළුමේ "මාතලන්" කතාවක් ගැන සඳහන් වේ.

එකී කතාව 2013 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන්නට යෙදුණු  "දෙමළ නිසොල්ලාසය නොහොත් මදනකාමරාජ කතා" කෘතියෙහි ද ඇතුළත් වෙන්නේ, "තෙල් වෛළෙන්දාගේ දියණිය දුන් ප්‍රතිඥාව" ලෙසිනි.

පාකර්ගේ ජන කතා කෘති තුන්වැනි වෙළුමේ එන "මාතලන් කතාව මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ "මදනකාමරාජ කතා" හී 'තෙල් වෙළෙන්දාගේ දියණිය දුන් ප්‍රතිඥාව' නමැති කතාවටම සමාන කතාවකි.

⁣"මාතලන්" ප්‍රකට දකුණු ඉන්දියානු ජනකතාවකි.

එය 1943 දී "මංගම්මා ශපථම්" ලෙස දමිළ චිත්‍රපටියකට නඟා ප්‍රදර්ශනය කරන ලදී.

"මාතලන්" සිංහල චිත්‍රපටියේ නිෂ්පාදනය සම්බන්ධ තොරතුර, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා විසින් ගෙන එන වීඩියෝවක ඇතුළත්ය.

එම වීඩියෝව "මාතලන් චිත්‍රපටියේ ගීත" පලකිරීමේ අග රුවා ඇත.

එසේ හෙයින් මෙම පලකිරිමේ මෙතැන් සිට එම ගීත සම්බන්ධයෙන් පමණක් තොරතුරු ගෙන එනු ලැබේ.

මෙහි අඩංගු ගීත වල නාමය මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ ඇති එම ගීයේ කේවල පලකිරීම වෙත පිවිසිය හැක. එහි ගීතය ගැන වැඩිමනත් විස්තර ඇත.

"මාතලන්" චිත්‍රටියේ සියළුම ගී ප්‍රබන්ධ කළේ ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු ය.

"දිනේ දිනේ සව් ශ්‍රීනී" ගීයේ හැර අන් සියළුම ගීත වල තනු, ආර්. මුත්තුසාමි සංගීතවේදියාගේ ස්වතන්ත්‍ර නිර්මානයන්ය.

1. ඉවසනූ හදේ

චිත්‍රපටියේ චරිතය "චිත්‍රවල්ලි" විසින් ගායනා කරනු ලැබීය.

ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)


ගීයේ සිනමා රූප රාමු.



චිත්‍රපටියේ චරිතය "චිත්‍රවල්ලි" විසින් ගායනා කරනු ලැබීය.

ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)



ගීයේ සිනමා රූප රාමු.



චිත්‍රපටියේ චරිතය "චිත්‍රවල්ලි" විසින් ගායනා කරනු ලැබීය.

ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)



ගීයේ සිනමා රූප රාමු.




චිත්‍රපටියේ චරිතය "චිත්‍රවල්ලි" විසින් ගායනා කරනු ලැබීය.

ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)



චිත්‍රපටියේ රූප රාමු



ගායනය - කේ. රාණි


ගීයේ  සිනමා රුප රාමු




චිත්‍රපටියේ චරිතය 'චිත්‍රාරම්භ' විසින් ගායනා වූ

ගායනය - ධර්මදාස වල්පොල



ගීයේ සිනමා රූප රාමු



චිත්‍රපටියේ චරිත, 'චිත්‍රවල්ලි' සහ 'චිත්‍රාරම්භ'

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල


ගීයේ සිනමා රූප රාමු



චිත්‍රපටියේ චරිතය "චිත්‍රවල්ලි" විසින් ගායනා කරනු ලැබීය.

ගායනය - ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු)



ගීයේ සිනමා රූප රාමු




ගායනය - ධර්මදාස වල්පොල ඇතුළු පිරිස



ගීයේ සිනමා රූප රාමු.

ගායනය - ධර්මදාස වල්පොල



ගීයේ සිනමා රූප රාමු


11. දිනේ දිනේ සව් ශ්‍රීනී

ගායනය - ලතා වල්පොල හ පිරිස
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි

මෙම ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී තිරගතවූ "පරිනීතා" හින්දි චිත්‍රපටියට, ආශා බෝ(න්)ස්ලේ සහ පිරිස ගායනා කළ "Gore Gore Hathon Mein Mehndi" නම් ගීයෙනි.



හින්දි ගීතය



12. මවලා අනේ (බැබලේ මාගේ)

ගායනය - ලතා වල්පොල සහ පිරිස



ගීයේ සිනමා රූප රාමු



"මාතලන්" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.
"සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා වෙතිනි.
එතුමාට "ගී අරණ" අඩවියේ කෘතවේදීත්වය.

No comments: