හෝ... ඕ.. ඕ....
හෝ... ඕඕ.... ඕඕ....ඕඕ....ඕඕ....ඕ....
හෝ... ඕඕ.... ඕඕ....ඕඕ....ඕඕ....ඕ....
ඕඕ....ඕ....
මාගෙ දෝසේ නිසා වූ දේ
දැන් මට තේරේ
සාමිනි මාගේ
තුරුලේ වෙසෙමී නිවාසේ
ආලෙ පුදා තුරුලේ වෙසෙමී නිවාසේ
දෝත ඔසවා මම පාමි පාමි මල් සිනා //
ලෝකෙ සැප නෑ මට සැප නෑ මට ඔබ විනා
දෝත ඔසවා මම පාමි පාමි මල් සිනා
මාගෙ සැමියා ඔබයි
මාගෙ දෙවියා ඔබයි ...//
සෑම විට කීකරු වී ඔබෙ දාසී සේ
තුරුලේ වෙසෙමී නිවාසේ
තුරුලේ වෙසෙමී නිවාසේ
ආලෙ පුදා තුරුලේ වෙසෙමී නිවාසේ
තුරුලේ වෙසෙමී නිවාසේ
පූජා වේවා මෙම දේහෙ මාගෙ පෙම් බඳේ //
ගන්න මා හද ගලවා දිවි ප්‍රිය රන් කඳේ
පූජා වේවා මෙම දේහෙ මාගෙ පෙම් බඳේ
ජීවිතේහී රසේ ප්‍රේම ප්‍රේමේ සැපේ
ජීවිතේහී රසේ ප්‍රේම ප්‍රේමේ සැපේ
සැම විට කීකරු වී ඔබෙ දාසී සේ
තුරුලේ වෙසෙමී නිවාසේ
ආලෙ පුදා තුරුලේ වෙසෙමී නිවාසේ
මාගෙ දෝසේ නිසා වූ දේ
දැන් මට තේරේ
සාමිනි මාගේ
තුරුලේ වෙසෙමී නිවාසේ
ආලෙ පුදා තුරුලේ වෙසෙමී නිවාසේ
ගායනය - බාලසරස්වතී
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව -
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
1956 දී තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ ගීයකි.

No comments:
Post a Comment