Monday, March 2, 2026

පෙමේ ගී ගයා විනෝදේ

ආඅ ආඅ ආඅ අඅආ...
ආඅ ආඅ ආඅ අඅආ...

හො හෝ... ප්‍රේමේ

හො හෝ... ගීතේ

හො හෝ...  ඔ ඕ ඔඕ..ප්‍රේමේ


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ


හෝ... ඕ.. ඕ.. ආලේ හදේ ....//


පෙමින් මත් කුසුම් සිනාසේ

සැලේ මාරුතේ


පෙමින් මත් කුසුම් සිනාසේ

සැලේ මාරුතේ

කැදැල්ලේ කිරිල්ලිගේ

මැවේ පෙම්වතා සුරූපේ

මැවේ පෙම්වතා සුරූපේ


සදා ප්‍රේම ලෝකයේ

සැපා දේවි ජීවිතේ ...//


ආ.. ආ.. ආ.... අඅආ...


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ

හෝ... ඕ.. ඕ.. ආලේ හදේ


පෙමේ මල් නෙළා ගොතාලා

ගෙලේ ලා ඔබේ (ඒ..ඒ..


පෙමේ මල් නෙළා ගොතාලා

ගෙලේ ලා ඔබේ (ඒ..ඒ..


සුදෝ ප්‍රේම ගී ගයා

පියඹා එමී සොයාලා

පියඹා එමී සොයාලා ....//


ගැලීලා සදා සැපේ

විඳීමූ අමා රසේ ...//


ආ.. ආ.. ආ.... අඅආ...


පෙමේ ගී ගයා විනෝදේ

සොරා මා'දරේ රසේ

පිදූවා මගේ සුදා

ආලේ හදේ

හෝ... ආලේ හදේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ වෙනත් ඉනදීය සිනමා කෘතියක ගීයකින් උපුටා ගැනුණු එකකි.



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මේ ගීය මෙලෙස ස්ථාපිතයි.

No comments: