Wednesday, March 18, 2026

තම හිසට සැම දා

තම හිසට සැමදා තම අත වේ ....

තම හිසට සැමදා තම අත වේ 

කවදාද අනුන් උපකාර කළේ 

හිසට සැමදා තම අත වේ 


මේ වස්තු තිබෙන්නේ අද පමණයි 

හෙට කාගෙ අතේ දෝ දන්නේ නැතේ 

තම හිසට සැමදා තම අත වේ 


දුප්පත්තු මෙ ලෝකේ බොහෝ දෙනා


පොහොසත්තු ඇත්තේ ස්වල්ප දෙනා


දුප්පත්තු මෙ ලෝකේ බොහෝ දෙනා

පොහොසත්තු ඇත්තේ ස්වල්ප දෙනා

ඇයි ලෝකෙ බලේ ධනවතා අතේ 

මේ රැවටුමකී අද සමාජයේ 

තම හිසට සැමදා තම අත වේ 


ලෝකේ  .... 

ලෝකේ  .... 

ලෝකේ  ....


තනිව උපන්නේ අපි මේ ලෝකේ //

තනියම නේදෝ මැරිලා යන්නේ //

මේ ටිකටයි බොරු කෝලම් නටන්නේ //

බලහත්කාර භංග වේවා //

මේ අංගයකී මේ ජීවිත සටනේ 

මේ අංගයකී මේ ජීවිත සටනේ 

ජීවිත සටනේ 

ජීවිත සටනේ 


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


No comments: