හෝ... ඔඔඕ...
හෝ... ඕඕඕ...
හෝහො ඕඕඕ... ඕඕඕ.... ඕඕ....
පෙම් සිහිනේ
පෙම් සිහිනේ මාලිගයේ ආලෝකේ දේවී
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
මා ප්‍රේම රාජා
මා ප්‍රේම රාජා
දේ විනෝදයේ ආසිරී
බාලෙ බැඳී ආලේ සදාවි සදා ලෝලේ
උදාවෙ අපේ කාලේ
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
කාන්තිය දේ හදේ විලේ ප්‍රේම කුමුදු රාණි
ආලෙ මිහිර පා සනසයි මාගෙ රූප රාණී //
භාග්‍ය උදාවේවී
උදාර සැපේ දේවී
ශ්‍රියාව නැඟී ඒවී
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හි චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
මා පෙම් විමානේ //
දෙව් කුමාරයා රූසිරී
ප්‍රේමණීය ස්වාමී
මා නේද ඔබේ ප්‍රේමී
මේ එන්න සෙනේ පාමී
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
මී මැස්සා මලින් මලේ රේණු බීල යාවී
ඈත අන්න කෝකිලයෝ ගීත නාද දේවී //
ආලෙ අපේ ස්ථීරයි
පෙම් සිහිනෙ අලංකාරයි
මේ ලෝකෙ සදා මිහිරයි
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
පෙම් සිහිනේ
පෙම් සිහිනේ මාලිගයේ ආලෝකේ දේවී
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා
පෙම් සිහිනේ
ගායනය - මොහිදීන් බෙග් සහ ජික්කි
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්.එස්. වේදාචලම්
1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment