Wednesday, July 1, 2026

අතන මෙතන කවි කිය කිය



ඕ.. ඕඔඔ  ඕ.. ඕඔඔ  
ඕ..  ඕඔඔ ඕඕඕ...
ඕ.. ඕඔඔ  ඕ.. ඕඔඔ ඕඕඕ...
ඕ.. ඕඔඔ  ඕ.. ඕඔඔ ඕඕඕ...

තම් දෙන තම් තාන තනෙන ////

අතන මෙතන කවි කිය කිය
රට රවුමේ ඇවිදලා - ඇවිදලා
අතන මෙතන කවි කිය කිය
රට රවුමේ ඇවිදලා
කොහොමද අපි කල ගෙවන්නෙ
අතමිට දැන් හිඟ වෙලා ....//


අග හිඟකම් නොකිය ඉඳින්
ඒව මෙතන මොකට කියන් ....//
රස කර කීවොතින් තමයි මිට හරියන්නේ
හා හා මිට හරියන්නේ


හරි හරි හරි කිව්වා හරි දුටුවද මේ වීදියේ //
ජය කාරයො ඉන්න හැඩයි රසට කියමු නංගියේ //


තම් දෙන තම් තාන තනෙන //

සිඟිති රබන් පොඩිය අරන් ගහන්නම්කො හඬවලා - හඬවලා
සිඟිති රබන් පොඩිය අරන් ගහන්නම්කො හඬවලා
බලන් ඉන්න හැමදෙනාම ගන්නම්කෝ නටවලා //


අන්න හොඳයි ගහපන් බං යසට නටයි කාසි පනම් //
අත මිට හරිගියොත් තමයි කල හරියන්නේ
හා හා කල හරියන්නේ


මට නම් ලොකු නැහැ කාසී චී චී මහ කරදරේ //
ඒකෙන් නොවැ බොහොම දෙනා වැටෙන්නෙ මහ ජරමරේ //


තම් දෙන තම් තාන තනෙන //

අහස උසට වස්තුව බං ලොකේ අද තිබෙනවා //
අහිකුණ්ටක උඹයි මමයි කුස ගින්නෙන් පෙළෙනවා //


ඒක තමයි මම කිවුවේ කාසි නැතිව බැහැ කිවුවේ //
බඩ ගින්දර නිවා ගන්නෙ කාසි වලින්නේ
හා හා කාසි වලින්නේ


කීවොත් කවි කාසි ලැබේ ඒකෙන් කුස ගිනි නිවේ //
තණ්හාවක් නැතුව හිතේ කිය කිය යමු ප්‍රීතියේ //


තම් දෙන තම් තාන තනෙන //

ගායනය - ජමුනා රාණි සමග කේ. රාණි
පද - ආනන්ද සමරකෝන්
තනුව - විරිඳු නාද රටා මත ගෙතී ඇත

සංගීතය - එස්.එම්. සුබ්බයියා පිල්ලෛ නායිදු

1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.

තැටි නිෂ්පාදනය - හිස් මාස්ටර්ස් වොයිස්
තැටි අංකය - WN 1009

No comments: