Thursday, July 2, 2026

"සූරසේන" චිත්‍රපටියේ ගීත



"සූරසේන" නමැති සිංහල චිත්‍රපටිය මෙරට තිරගත කෙරුණේ 1957 වසරේ දෙසැම්බරයේ දී.


මේ නිෂ්පාදනය ක්‍රියාවලිය එක් චිත්‍රපටියක් වෙනුවෙන් දියත් වූ එකක් නොවේ. භාෂා කිහිපයකින් වූ චිත්‍රපටි පහක් සමග එකවිට සිදුවූවක්.


1954 වසරේ තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන "මලෛක්කල්ලන්" තමයි මුල් නිර්මානය.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වූයේ ශ්‍රීරාමුලු නායිදු.

දමිළ සිනමා කෘතියේ ප්‍රධාන චරිත රඟපෑවා එම්.ජී. රාමචන්ද්‍ර සහ පී. භානුමතී.

සංගීත අධ්‍යක්ෂණය එස්.එම්. සුබ්බයියා නායිදු ගෙ.

ගීත නවයක් ඇතුළත් වුණා.


දමිළ කතාව ලියුවේ නමක්කාල් කවිග්නාර් (Namakkal Kavignar)

මෙම කතාව ගොතන්නට නමක්කාල් සුප්‍රසිද්ධ "රොබින්හුඩ්" කතාවෙත් The Mark of Zorro කතාවෙත් ආභාසය ලැබුවා. එහෙත් "මලෛක්කල්ලන්" වෙනස් කතාවක්. නමේ ඇත්තේ 'කන්දේ හොරා' යන තේරුමයි.


මේ කතාව අතිශය ජනප්‍රිය වුණා.

චෙන්නායි හී නොකඩවා දින 140 ක් ප්‍රදර්ශනය වුණා.

කොයිම්බතූර් හී "පක්ෂිරාජා" චිත්‍රාගාරයේදී නිෂ්පාදන කටයුතු සිදුවුණා.


බෙහෙවින් ම ජනප්‍රසාදය දිනාගත් නිසාම චිත්‍රපටියේ නිෂ්පාදක හා  අධ්‍යක්ෂක එස්.එම්. ශ්‍රීරාමුලු නායිදු දැවැන්ත සිනමා කාර්යයක් කරන්න තීරණය කරා.

ඒක එතෙක් නොවුණු අපූරු වැඩක්.


මේ නව නිෂ්පාදන කටයුත්තේදී සිදුවුණේ එකම විට චිත්‍රපටි පහක් නිර්මාණය වීමයි.

එසේ තැනුණේ,

🔹තෙලුඟු බසින් "අග්ගි රාමුඩු"

🔹මලයාලම් බසින් "තස්කරවීරන්"

🔹කන්නඩ බසින් "බෙට්ටද කල්ලා"

🔹හින්දි බසින් "අසාඩ්"

🔹සිංහල බසින් "කන්දේ හොරා" 


යන චිත්‍රපටි.

පසුව "කන්දේ හොරා" නම වෙනස් කලා "සූරසේන" ලෙස.

මෙය සිංහල චිත්‍රපටි වංශකථාවේ 47 වැනි (ඇසි - දිසි) චිත්‍රපටියයි.


ඇත්තටම සිදුවුණේ මෙයයි. එකම කතාව එකම දර්ශන තලවල, එනමුත් ඒ ඒ බසට අදාළ නළු නිළියන් යොදා රූ ගත කිරීමයි.

ඒ අනුව "අසාද්" චිත්‍රපටියේ දිලිප් කුමාර් සහ මීනා කුමාරි චරිත පණ ගැන්වීම කළ දර්ශනම සිංහල චිත්‍රපටිය සඳහා පණ ගැන්වූවා හර්බි සෙනෙවිරත්න සහ කාන්ති ගුණතුංග.

අනෙක් භාෂා වල චිත්‍රපටි සඳහාත් එලෙසින් ඒ ඒ බසට අදාලව නළු නිළියන් රඟපෑවා.

කතාවට අනුව ඒ ඒ දර්ශන වලට අදාළව එකම දර්ශන තලයකයි රූ ගත වුණේ. නළු නිළියන් මාරු වෙමින් රඟ පෑවා.

සිංහල චිත්‍රපටියේ ගීත හින්දි තනුවලටම ගායනා වුණා. එක ගීයක් පමණක් විරිඳු නාද රටා වලට අනුව ගායනා වුණා. ජමුනා රාණි සමග කේ. රාණි එම ගීය ගැයුවා. ගීත ප්‍රබන්ධය කළේ ආනන්ද සමරකෝන්.


මෙන්න සිංහල ගීත ගොන්න..


ගීයේ නාමය මත ක්ලික් කිරීමෙන් එම ගීයේ 'කේවල' පළකිරීමට පිවිසිය හැකියි. (වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහිය)



ගායනය - ජමුනා රාණි සමග කේ. රාණි




ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල

1955 දී භාරතයේ තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටියට ලතා මන්ගෙස්කාර් සහ රාමචන්ද්‍ර චිටල්කාර් ගැයූ "Kitna Haseen Hai Mausam" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singers - Lata Mangeshkar & Chitalkar Ramchandra
Lyricist - Rajinder Krishan
Music Composer - Chitalkar Ramchandra
Movie -  Azaad (1955)




ගායනය - ලතා වල්පොල

1955 දී භාරතයේ තිරගතවූ Azaad හින්දි ච්‍ත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ, Ja ri ja ri o kari badariya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie -: Azaad (1955)



මේ ගී තනුවටම නිමැවුණු, චිත්‍රපටියක නොවන තවත් සිංහල ගීයක් ඇත.
"ජෝඩු ජෝඩූ වී කුරුලෝ පියඹා ගියා" නම් වූ එම ගීය ගායනා කළේ, මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රාණි පෙරේරා ය.




ගායනය - ලතා වල්පොල

1955 දී තිරගතවූ "Azaad" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Radhe Na Bole Na Bole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singer - Lata Mangeshkar
Lyricist - Rajinder Krishan
Music & Composed by - C. Ramchandra
Movie - Azad 1955




ගායනය - ලතා වල්පොල

1955 දී තිරගතවූ "Azaad" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Dekho Ji Bahaar Aayee" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singer - Lata Mangeshkar
Lyricist - Rajinder Krishan
Music & Composed By - Chitalkar Ramchandra
Movie - Azaad (1955)




ගායනය - කේ. රාණි සමග ජමුනා රාණි

1955 දී භාරතයේ තිරගතවූ "Azaad" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් ඌෂා මංගෙස්කාර් ගායනා කළ "Aplam Chaplam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Song - Apalam chapalam
Singers - Lata Mangeshkar & Usha Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)



ලතා මංගෙස්කාර් සහ ඌෂා මංගෙස්කාර් ඉහත ගීය සජීවී ව ප්‍රසංගයක ගායනා කළ අවස්ථාවක්



දිල්හානි ඒකනායක සහ සංගීතා වීරරත්න, 2004 රිදී රැයක් ප්‍රසංගයට නර්ථනයක් ඉදිරිපත් කළා "මනරම් රැඟුමන්" ගීයට මෙලෙසින්. (රූප රාමු වල අයිතිය ජාතික රූපවාහිනී ආයතනය සතුයි. වඩා ඉහළ තත්වයේ වීඩියෝවක් ඉදිරිපත් කිරීමට අවකාශ නැති බව තේරුම් ගන්න. මෙම වීඩියෝව ද අන්තර්ජාලයෙන් ඉවත් වීමට ඉඩ ඇත. හිමිකාරිත්වය පිළිබඳ නෙෙතික තත්වයන්ට හිස නමන්න.)




ගායනය - ලතා වල්පොල

1955 දී භාරතයේ තිරගතවූ අසාඩ් හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ලායනා කළ Kitni Jawaan Hai යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Azaad 1955



"සූරසේන" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු පිළිබඳ වීඩියෝව අදත් ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.

No comments: