සිංහල සිනමා වංශකථාවේ 54 වැනි සිනමා කෘතිය වූයේ "සුනීතා".
දමිළ චිත්‍රපටියක් වූ "වාල් විලේ ඔරු නාල්" (1956) චිත්‍රපටියේ කතා සාරයයි මේ චිත්‍රපටියට අසුරු කර ගත්තේ.
ටී.ආර්. පාපා මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළා. අඩංගු වූ සියලු ගී වල තනු හින්දි හෝ දමිළ චිත්‍රපටි වලින් උපුටා ගෙන තිබුණා.
ගීත ප්‍රබන්ධ කළා ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා.
චිත්‍රපට්යේ නිෂ්පාදන තොරතුරු පලකිරීම අග ඇති වීඩියෝවෙන් ගෙන එනවා.
අපි යොමුවෙමු චිත්‍රපටියේ ගීත වෙත.
මේ ගී හැම එකකම නාමය මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ එකී ගීයේ කේවල පළකිරීමට පිවිසෙන්න පුළුවන්. වැඩිමනත් විස්තර සහිතව ගීය රස විඳින්නට හැකි එතැන සිටයි.
1. සීදේවි රූබරී මා
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
2. මේ සසරේ හී සැමදා
ගායනය - මොහිදීන් බෙග්
1955 දී භාරතයේ තිරගතවූ Hoor-e-Arab හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Zamaane Ke Maalik (Ki Duniya Ne Apna) යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Zamaane Ke Maalik
Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Music Composer - Ghulam Mohammad
Movie - Hoor-E-Arab (1955)
3. ප්‍රීති බෝ වේ මා හදේ
ගායනය - ලතා වල්පොල
4. සැමට සුබ සෙත
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
මේ ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.
5. මෝරලා ප්‍රේම ගීතේ
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.
ගීයේ වීඩියෝවක්..
6. පායා සැංගි සැංගි
ගායනය - ලතා වල්පොල සහ පිරිස
හින්දි ගීය
Singer - Lata Mangeshkar
Lyricist - Shankardas Kesarilal (Shailendra)
Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh (Shankar Jaikishan)
Movie - Raj Hath (1956)
7. පෙම් ලෝකයක් මවාලා
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
1956 දී තිරගතවූ "Naya Andaz" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ, " Yeh Raat Aashiqana" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Singer - Mohammed Rafi & Asha Bhosle
Lyricist - Jan Nisar Akhtar
Music By - O.P. Nayyar
Movie - Naya Andaz (1956)
8. කරුමේද මාගේ
ගායනය - ලතා වල්පොල
9. ඩාලිං මයි ලව්
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග එල්.එම්. පෙරේරා
මේ ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.
10. පාවී පාවී යාවි
ගායනය - ලතා වල්පොල සහ පිරිස
1957 දී තිරගතවූ "Apradhi Kaun" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගැයූ, "Koi Dekhe To" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Singer - Asha Bhosle
Lyricist - Majrooh Sultanpuri
Music & Composed By - Salil Chowdhury
Movie - Apradhi Kaun (1957)
"සුනීතා" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව අදත් ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.
එතුමාට "ගී අරණ" අඩවියේ ස්තුතිය කෘතවේදීව..🌹
No comments:
Post a Comment