Monday, September 7, 2026

එන්න එන්න චුට්ටක් නටන්න

එන්න එන්න 

චුට්ටක් නටන්න දැන් මා හා

බැරිද එහෙනම් 

මේ බලන්න හොරැහින් මා දිහා ....//


ඔයයි මමයි එදයි අදයි

කිරියි පැණියි වගේ හොඳයි ..//


මොකෝ ඔයා අද ස්ත්‍රී පුරේ මැද

හිරවූ ගජබා රජා වගේ


එන්න එන්න 

චුට්ටක් නටන්න දැන් මා හා

බැරිද එහෙනම් 

මේ බලන්න හොරැහින් මා දිහා


නාරිලතාවයි ලලිත කලාවයි

සංගීත රාවේ හැප්පී ගැටේ ...//


විනෝදයේ උල්පත් මැවේ

බලන්නකෝ සුදා මෙහේ


එන්න එන්න 

චුට්ටක් නටන්න දැන් මා හා

බැරිද එහෙනම් 

මේ බලන්න හොරැහින් මා දිහා


පැද්දී පෙම් උන්චිල්ලාවේ

නැළවී රන්වන් දෝලා⁣වේ

සැ⁣නසෙන්නට මල් මල් ලෝකේ

මෙහි එන්නකො අයි අයි අයියෝ ...//


ගිලෙන්නකෝ කලා ගඟේ

බලන්නකෝ සුදා මෙහේ


එන්න එන්න 

චුට්ටක් නටන්න දැන් මා හා

බැරිද එහෙනම් 

මේ බලන්න හොරැහින් මා දිහා


ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලය කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු



No comments: