Monday, October 5, 2026

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

එයයි බිහිසුණු දෙය මේ ලෝකේ

ලෝකයෙ යහපත සොයලා සදලා

නොහොඳ හොඳට පෙරළා

සේවය කළහොත් කෙනෙකු සමාජේ

හොඳ නම දිවි නැති වෙන්නේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

එයයි බිහිසුණු දෙය මේ ලෝකේ


හොඳ කරන බොහො දෙනා දුෂ්ට සමාජේ

කෲර අයයි වනසන්නේ

දිණු දැයට රටට සිය දිවි නොතකා

වැඩ සලසන අය හින්දා මේ

වැඩ සලසන අය හින්දා මේ

ඉඩ නැති කොට අපරාධ කරන්නට

හොඳ මිනිසුන් වනසන්නේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

එයයි බිහිසුණු දෙය මේ ලෝකේ


කළ අපරාදෙට කවදා හරි ලෝකේ

ගෙවන්න නම් සිදුවේවී වන්දී

ගෙවන්න නම් සිදුවේවී

සිතලාමයි මේ අපරාධ කරන්නේ

එයට හේතුවක් ඇත්තේ රහසේ

එයට හේතුවක් ඇත්තේ

කීවට ඇහුනට හිතුණට කොහොමද

කෙනෙකුට දොස් පවරන්නේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

එයයි බිහිසුණු දෙය මේ ලෝකේ


ඇයි වරද සොයාලා නොබලන්නේ

එය වෙහෙස වුණොත් හැකි වන්නේ

හොඳ ජීවිත නැසුමට නම් හැකිවේ

හොඳ ජීවිත නැසුමට නම් හැකිවේ

එය පහසු දෙයකි මේ ලෝකේ

එය පහසු දෙයකි මේ ලෝකේ

බලවත් අය අසරණයින් පෙළුවොත්

යුක්තිය කිම එහි නැත්තේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ

එයයි බිහිසුණු දෙය මේ ලෝකේ

වැඩිය හොඳ නරකයි නේ ලෝකේ


ගායනය - මොහිදීන් බෙග්

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - නෞෂාද් අලි

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.


1957 දී තිරගතවූ "මදර් ඉන්ඩියා" හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Chundariya Katati Jaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

चुदरिया कटती जाए रे

उमरिया घटती जाए रे

काम कठन है जीवन थोडा

काम कठन है रे

काम कठन है जीवन थोडा

पगला मन घबराए

चुदरिया कटती जाए रे

उमारिया घटती जाए रे


दुख-दर्द सहे बन्जारे भैया

धूप मे देखे तारे

दिन-रात बहाए पसीना हम

कुछ हाथ ना आए हमारे

कुछ हाथ ना आए हमारे

हमरी सारी मेहनत माया

ठगवा ठग ले जाए

चुदरिया कटती जाए रे

उमारिया घटती जाए रे


धरती पे कितने बारा मासे

बीत गये रे आ के रामा

बीत गये रे आ के

दुनिया के लिए है लीला तेरी

हमरे भाग मे फांके रामा

हमरे भाग मे फांके

कागज हो तो बांच लू रामा

भाग ना बँचो जाए

चुदरिया कटती जाए रे

उमारिया घटती जाए रे


संसार मे तेरे लूट मची

और जान के पड गये लाले

और जान के पड गये लाले

अब रोक जनम की चक्की रे

अब रोक जनम की चक्की रे

संसार चलाने वाले

संसार चलाने वाले

काल पड़ा है रोटी का और

दुनिया बढ़ती जाए

चुदरिया कटती जाए रे

उमारिया घटती जाए रे


jundhariya kat ti jaaye re

umariya ghat ti jaaye re

kaam kathan hai jiwan thoda

kaam kathan hai re

kaam kathan hai jiwan thoda

paglaa mann ghabraaye

jundhariya kat ti jaaye re

umariyaa ghat ti jaaye re


dukh-dard sahe banjaare bhaiya

dhup me dekhe taare

din-raat bahaaye pasina hum

kuch haath na aaye hamaare

kuch haath na aaye hamaare

hamari saari mehnat maayaa

thagawaa thag le jaaye


jundhariya kat ti jaaye re

umariya ghat ti jaaye re

dharti pe kitne baaraa-maase

beet gaye re aa ke raamaa

beet gaye re aa ke

duniya ke liye hai leela teri

hmare bhaag me phaanke raamaa

hmare bhaag me phaanke

kaagaj ho to baanch lun raamaa

bhaag na baancho jaaye


jundhariya kat ti jaaye re

umariya ghat ti jaaye re

sansaar me tere lut machi

aur jaan ke pad gaye laale

aur jaan ke pad gaye laale

ab rok janam ki chakki re

ab rok janam ki chakki re

sansaar chalaane waale

sansaar chalaane waale

kaal padaa hai roti ka aur

duniya badhati jaaye

jundhariya kat ti jaaye re

umariya ghat ti jaaye re


Singer - Manna Dey

Lyricist - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Movie - Mother India (1957)


No comments: