Sunday, November 1, 2026

පුන් චන්ද්‍රා පායා ආවා

පුන් චන්ද්‍රා පායා ආවා 

මදහාසේ පෑවා හාවා

ගී ගයා කාලා බිලා ප්‍රීති වෙමු ...//


දැන් කාලේ කොල්ලෝ බෝම ලස්සනයි 

ඒ හින්දා කෙල්ලො උන්ගේ පස්සෙමයි ..//


ගම්මානේ නෑනෙ මේවා 

මළකෝලම් නේද ඒවා 

ගී ගයා කාලා බිලා ප්‍රීති වෙමු ...//


හැංගෙන්නේ ලැජ්ජාවෙන්ද කෙල්ලනේ 

සංගීතේ නාකින් තරුණන් කෙරේ ...//


සන්තෝසේ හා ප්‍රබෝධේ

වේවා හැම දේ විනෝදේ

ගී ගයා කාලා බිලා ප්‍රීති වෙමු ....//


පුන් චන්ද්‍රා පායා ආවා 

මදහාසේ පෑවා හාවා

ගී ගයා කාලා බිලා ප්‍රීති වෙමු ...//


ලාලාලා ලාලා ලාලා

ලල ලාලා ලාලා ලාලා

ලල ලාලා ලාලා ලාලා

ලාල ලලා....


හේ...යි හහ් හහ් හහ්


ගායනය - ඉන්ද්‍රානි විජේබණ්ඩාර* සහ සිඩ්නි ආටිගල සමග පිරිස

පද - චිත්‍රානන්ද අබේසේකර

සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති 


හින්දි හෝ දමිළ ගී තනුවකි.

* (ඉන්ද්‍රානි සේනාරත්න එවකට)


1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.


No comments: