Friday, December 6, 2013

දමා ගිය මඟ

දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

ගඟක් වී ගැලුවා එදා ඔබ
නිසරු සිත්බිම සරු කළා
කිරි වැදී ආ සුවඳ ඇල්කෙත
ඔබම සැහැසිව අළු කළා
ගිනි මලක් වී සැඟවිලා

දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

සඳක් වී සැඟවී ගියා සේ
පහන් පින් බිම හැරදමා
පෙම් පුරාණය සිඳ දමා ඔබ
කින්නරා වත නිම කළා
තුම් සිතින් පියමං වෙලා

දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: