Friday, December 6, 2013

ගගන සරණා මිනිසුනේ

ගගන සරණා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවණක්

ගතින් සියොළඟ වසා සිහිලස දී
නිවා කුසගිනි නැවුම් රස ඵල දී
මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ
ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ

නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඬන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ
මේ බලන් මිහිතල හැරගියා දෙවියන්

ගගන සරණා සියොතුනේ
සොයා තුරු සෙවණක්
බලන් මිනිසුන් වැලපෙනා
බලන් මිනිසුන් වැලපෙනා බිම
පතා දිය කඳුළක්

ගගන සරණා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවණක්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: