Friday, December 6, 2013

ගඟ තවම ගලයි

ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි
සිත් දෑළවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි
එකතැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි

කඳු යාය නිලෙන් නිල් අහස වසයි
ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙළ නිසලයි
කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි

ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි
සිත් දෑළවරින් ඈතටම ඇදෙයි

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - රංජිත් රූපසිංහ
තනුව - නාලක අංජන කුමාර


2011 වසරේදී නිකුත්වූ මල් වැහි පොද සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

No comments: