තරු අරුන්දතී නෙතු පහන් නිවා
දොර නිසොල්මනේ හිඳිනා
මඟ වලස්පති දිය යදල්ලකින්
පිණි පොදක් සෙමින් සලනා
ඔබ සැමරුම් වැල් කවුළුව මානේ
කඳුළක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්යානේ
සැඳෑ බොල් පොළවේ
මට තනියක් දැණුනා
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දොර නිසොල්මනේ හිදිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුනා
වැළපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙනවා
පළමු අළුත් රන් රේඛාවක් සේ
ප්රාර්ථනා සුවඳේ
ඔබ එතැයි සිතුනා
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් නඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුනා //
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment