Sunday, December 8, 2013

කන්ද පිරිමැද

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා ...//

අරලියා මල්
ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් ..//
ගෙවා අටවක වැඩෙයි අව සඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගෙ
ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් ...//
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගායනය - සේනානායක වේරලියද්ද
පද - සියඹලාන්ගමුවේ අමරදාස
තනුව - සුසිල් අමරසිංහ

No comments: