Wednesday, March 4, 2015

කරදර පොදි බැඳ

කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - උදයසිරි පතිරණ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: