Wednesday, March 4, 2015

කඳුළු කිරි පොවා

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා ...//
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා

සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ ...//
දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ //
මිහිකත වුව හඬා වැටේ

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා

නිවන් මං පෙතේ
ඔබ ගිය මං ලකුණු පෙනේ ...//
වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා //
මා දෙස බලනු මට දැනේ

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා ...//
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - සරත් ද අල්විස්

No comments: