Wednesday, March 4, 2015

කැලණි විහාරේ

නිවන් පුරට මඟ පෙන්වන
පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට
බුදු රැස් විහි දේ
මුනි සිරිපා පහස ලැබූ
හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි
කැලණි විහාරේ

නා මෙනෙවිය පෙර කළ හිඳ
ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිලි තුඬින්
මිණි වීනාවේ
අදත් ඇසේ එදා ගැයූ
බුදු ගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි
කැලණි විහාරේ

සිහිල් සුළං වැදී සැලී
බෝ පත් නැළැවේ
පහන් හැඟුම් හදේ නැඟේ
මෙත් කරුණාවේ
වරක් ඇවිත් අප වැන්දොත්
කැලණි විහාරේ
උපන්දා පටන් කළ හැම
පවු දුරුවන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

පූජිතයෝ සිනමා සිත්තමෙනි.

No comments: