Wednesday, March 4, 2015

හිම කඳු අතරින්

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා //

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ ...//
මුව සඟවාලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා //

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ ...//
දෑත නඟා නිල් වරල මුදා යළි
බලන්න මා දෙස මඳහස පාලා //

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා //

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සරත් අමුණුගම
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: