Monday, March 30, 2015

මට ගමට එන්න


මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//

කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර (ඇන්ටෙනා තුරෙන් තුර පසු කර)
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මුළු නුවරම ගිනිගත් සැණකෙළියයි
හිස බරයි
මගේ හද මිට කකියයි
එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


Mata Gamata Enna - Amarasiri Peiris

No comments: