Monday, March 30, 2015

සරස වසන්තය ආයෙත් එනවා නම්


සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මං ඉල්ලා ගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටු අතරේ හංගා ගන්නට

බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමු වී හිනා නඟන්නට

සරස වසන්තය ආයෙත් එනවා නම්

දෙනෝහක් මැද හිත් හංගන්නට
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්නට

කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට

සරස වසන්තය ආයෙත් එනවා නම්

සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය
මං ඉල්ලා ගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්


ගායනය - අමරසිරි පීරිස්
අනෝමා රාසපුත්‍ර
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - ජගත් ජයවර්ධන


Sarasa Wasanthaya - Amarasiri Peiris

No comments: