Wednesday, March 4, 2015

හීන් සැරේ ඔබ ආවා

හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ
ඔබ ආවා ආවා

තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට
මලකින් මලකට පියඹා කදිමට
මා දඟකාරිය
නාරිලතාවිය

කාන්සියේ බොඳ අදුර මකා හැර //
හීන් සැරේ ඔබ ආවා ආවා

මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින ...//
අත්වැල් බැඳ නටමු නටමු
සිත් සැණකෙළියේ
සිත් සැණකෙළියේ

නීලඹ නිල් වියන යටින්
පින්න පිපුණු පළස මතින් ...//
සුරංගනා රැඟුම් රඟමු
සඳ තරුවලියේ
සඳ තරුවලියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනේත්‍රා සරත්චන්ද්‍ර
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

වසන්තයේ දවසක් චිත්‍රපටියෙන්

No comments: