Wednesday, March 4, 2015

ඔබ සුමුදු නෙත්


ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ
ගැටීලා මා ඇසි පියේ
පතිත වුණා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ....//

ඔබ සුසුම් රේණු පවනට මුසුවුණා
පතිත වුණා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ

නිල් මහනෙල් පත් පහසින
කැලඹී යයි මා හද විල
ඉවුරු බදයි නිබඳ යදින
මුදු පෙණ කැටි සෙනෙහසේ
ඔබ සුසුම් රේණු පවනට මුසුවුණා
පතිත වුණා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ

ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ
ගැටීලා මා ඇසි පියේ
පතිත වුණා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ ///

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


No comments: