Wednesday, March 4, 2015

නිවහල් සිතුවිලි

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි


එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිණෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිණෙන් උදාරයි

 

නිදා නොහිඳ යළි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ


නිදා නොහිඳ යළි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ


පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි


පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි


එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිණෙන් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිණෙන් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිණෙන් උදාරයි

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


No comments: