Wednesday, March 4, 2015

පාළොස්වක සඳ

පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ ක පිං අපට කොයින්දා
පූරුවේ ක පිං අපට කොයින්දා


සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුණා
සඳ කිඳුරෙකු ලෙසිනා
එන සඳ ඔබේ රුව නෙත ඇඳුණා

 

සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුණා
මියුරු තෙපුල් නඟනා
සවනත බිඟු ගී රැව් නඟනා
සවනත බිඟු ගී රැව් නඟනා


කියා ගන්න බැරුවා
හිතු දේ තොල් අතරේ රැඳුණා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා

 

තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මලා පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා


පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ ක පිං අපට කොයින්දා
පූරුවේ ක පිං අපට කොයින්දා


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස



Paloswaka Sanada Payanu Wenne - Pandith Amaradewa & Neela Wickramasinha

No comments: