Wednesday, March 4, 2015

මින්දද හී සර

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ  ...//

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ  ...//
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා  ...//
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ
මින්දද හී සර

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: