නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කළා
හදක ආරාධනා
සන්සුන් වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරධනා
මල් පිපුණු තාරකා
විමානේ තනිවුණා
හැඟුම් මන් මත් කළා
සුසුම් ආරාධනා
හිත ගාව දඟ කළා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කළා
හදක ආරාධනා
සිනිඳූ මල් පෙති පුරා
බඹර ගී ලියැවුණා
සිව් නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා
හිත ගාව දඟ කළා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කළා
හදක ආරාධනා.....//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුසුම් පීරිස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment