Thursday, March 12, 2015

කතරට කුමටද වසන්තයක්

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි
දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි ...//
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා
පළඳමි ගෙලවට මලක් ගොතා ...//
ඔබ නැති මිහිමත මගෙ පණනළ නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයි

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: