Saturday, March 14, 2015

ඉරා අඳුරු පට

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ

ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ

ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව / සංගීතය - ප්‍රේමසිරි කේමදාස

1974 වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයට නිර්මානය වූ ගීයකි.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කරන ලද ප්‍රථම ගීතයයි.

මෙම ගීය ම සිනමා සිතුවමේ වෙනත් අයුරකින් ගැයෙන අවස්ථාවක් ඇත. එය මෙම අඩවියේ වෙනත් තැනෙක ඇත. යොමුව

No comments: