Sunday, March 29, 2015

මේ සෞම්‍ය වූ නිශාන්තයේ


මේ සෞම්‍ය වූ නිශාන්තයේ
නිලඹර උයනේ
තරු මල් නෙළනා
සඳ කුමරිය නුඹයි

සඳ කුමරියෙ නුඹෙ නෙත් සර
සිසිල විදින නිල් දියවර මමයි

වලා සළුවෙන් මුදු වත සඟවා
දිලෙන තරු මල් ගෙල වට පළඳා
කෝල සිතින් නුඹ හැඩරුව බලනා
නුඹෙ කැඩපත මමයි

මින් රළ රවටා සුව නිදි ගන්වා
සසල දියරැළි ඉවුරෙහී සඟවා
නිසසල දෑසින් පෙර මඟ බලනා
නිල් දියවර මමයි

මේ සෞම්‍ය වූ නිශාන්තයේ
නිලඹර උයනේ
තරු මල් නෙළනා
සඳ කුමරිය නුඹයි

සඳ කුමරියෙ නුඹෙ නෙත් සර
සිසිල විදින නිල් දියවර මමයි

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - වෛද්‍ය කපිල ප්‍රියන්ත සූරිආරච්චි
තනුව - දර්ශන රුවන් දිසානායක


Me Saumaya Wu Nishanthaye - Amarasiri Peiris

No comments: