Wednesday, March 4, 2015

කොළොම්තොට

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ගුණදාස කපුගේ

මේ ගීය ලූෂන් ලීවේ කපුගේ වෙනුවෙනි. අමරදේවයන් තමාට නිර්මානයක් කර දෙන්නැයි කපුගේගෙන් කළ ඇරයුමේදී, කපුගේ තමා විසින් තනුව සකසා තිබූ මෙම ගීය ගයන්නැයි අමරදේවයන්ගෙන්  ඉල්ලා සිටියේය. තමනට එය නොගැලපෙන බවක් අමරදේවයන් පවසා සිටියද, කපුගේ ගේ පෙරැත්තය නිසා ගැයුවේය. පසු කලෙක ඉමහත් ජනප්‍රිය වූ මෙම ගීය හා එය එසේ තමනට ගයන්නට හැකි වූ ආකාරය ගැන අමරදේවයන් ඉතා ආඩම්බරයෙන් කතා කර ඇත.

No comments: