Wednesday, March 4, 2015

ඉරට මුවාවෙන් ඉඳගෙන

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා //
පීදෙන මල් පෙති විහිදා මුකුළු කරනවා
සුළං රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ හෙලවෙන තාලෙට රහස්‌ කියනවා

මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා //
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගං ඇද හැලිලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: