Friday, March 6, 2015

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

මැණිකෙල බල බල නුවරට යන කල
සුන්දර සිහින මැවේ
තේ වතු පොල්වතු ඈතින් කඳු පෙළ
සැනසිලි සිසිල ගෙනේ
සැනසිලි සිසිල ගෙනේ

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

උතුරට දකුණට යන විට හැමවිට
සිරි දෙව් දූ හමුවේ
කෙත් බිම් හමුවන තොරතුරු කියැවෙන
දිවයන තිප්පල වේ
දිවයන තිප්පල වේ

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
අරගෙන ගිය ගමනයි
රජවරු මැතිවරු මංගල නැකතට
කැඳවා ගිය ගමනයි
කැඳවා ගිය ගමනයි

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1969 දී තිරගතවූ "නාරිලතා" චිත්‍රපටියේ එන මෙම ගීය, චිත්‍රපටියේ දර්ශනයෙන්ම උකහා ගත්තක් බැවින් ශ්‍රවණ තත්වයේ වන දුර්වලතා ගැන කමන්න.
Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: