Friday, March 6, 2015

කළණ මිතුරු දහමයි

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි

කෙනෙකු නොමඟ යා නම්
ඔහුට කියාදෙමි මම්
නියම මඟ පහදා
මට ඇති සතුට එයයි

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

ආදරය නාඳුනන මිනිසා
ලොවෙහි අසරණ වේ
සියළු කල්හි තැවේ

ආදරය නාඳුනන මිනිසා
ලොවෙහි අසරණ වේ
පරම මිතුදම හැඳින ගන්නා
විඳී අමර සුවේ

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි
කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

නීති රීති කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
චණ්ඩ මාරුත එයි

නීති රීති කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
ආදරය හැම අභිබවාලා
ජීවිතේ ජය දෙයි

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි
කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

1971 දී තිරගතවූ කළණ මිතුරෝ සිනමා සිත්තමෙනි.


No comments: