Wednesday, April 8, 2015

අන්දර ලන්දේ


අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා ..//

වෙල්මාවේ අඬහැරය ගොළුවුණා
කුරහන් සීපද බිඳුණා
නැව්ගල කන්දෙන්
වට පිණි වැස්සෙන්
තුන්සිත කඳුළින් තෙමුණා

අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා

වැවේ ඉහත්තේ වන හේඩාවේ
පන් කුකුළන් මුර ගෑවා
දරු පැටවුන් සමගින් මා ගම්දොර
තල මල සේ තනි වූවා

අන්දර ලන්දේ සූරිය දෙයියෝ
රන් ගිර සේ සැලුණා
මහ පොළවෙම හැපුණා මයෙ දෙයියෝ
ගඟ දිය නිසල වුණා

ගායනය ප්‍රදීපා ධර්මදාස
පද රචනය - විජිත් කණුගල
තනුව හා සංගීතය - කරුණාරත්න වජේවර්ධන


ප්‍රදීපා ධර්මදාස මහත්මියගෙ "සත්‍යාංගනා" සංගත තැටිය දොරට වැඩිය දා (2004), කලාගාරයේ ශ්‍රවනාගාරයේ ඇගේ ගී වලින් හැඩවූ සුන්දර සැඳෑවට මමත් සහභාගි වුණා. මා අත වූ " දූවිල්ලෙන් සැදුන ලියේ" ගී සංග්‍රහයේ වූ ගීයක්, මගේ හදවතට තදින්ම දැණුනා.  මේ ගීය අඩවියට එක්කරද්දි මට ඒ මතකය ආවර්ජනය වුණා. 
මෑත දිනක ගීයේ පද රචකයා ගැන වැඩිමනත් සොයා බලද්දි, මට පහත ලිපිය හමුවුණා.  ඔබත් එය කියවන්න. කමල් නෙත්මිණි, එය ලියා තිබුණෙ. නෙත්මිණි ඔබට ස්තුතියි.
https://www.facebook.com/SLAS2015/posts/1235415939976827

විජිත් කණුගල මහතා.

No comments: