Wednesday, April 8, 2015

හා හා බලාගෙනයි

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ

මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි

නිලට නිලේ ගලන ගඟේ
නිලට නිලේ ගලන ගඟේ
දිය යට කිඹුල් පොරේ
ගඟේ තරඟ දිගේ ඇදෙන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි

කෝකිලයන් වෙසෙන වනේ
කෝකිලයන් වෙසෙන වනේ
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරණ
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි

ගායනය ප්‍රදීපා ධර්මදාස
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: