හංස
ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස
බඳ වට විදා දිලුණු
අත්තටු
ගිනි ගනී
සඳේ
කිරණ විල්ලුද ලූ මඟ දෙස ඈ නෙතු අයා
ඇගේ
සිහින ඔබ දෝතින් ගෙන එන රෑ එළි කළා
හිමේ
සිසල දුරු කළ ඉර පාමුල
කඳුළක්
තියා
ඔබේ
රුවක් හෝ නොදැකම විලටත් නොකියා ගියා
හංස
ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස
බඳ වට විදා දිලුණු
අත්තටු
ගිනි ගනී
ප්‍රමාද
වූ පෙම්වතුනි ඉවුරු දෑලේ වැළපෙනා
ඔබේ
හැඬුම් හඬ කඳු සසැලූවද ඈ නොඅසනා
දැවී
සිඳී ගිය අත්තටු යුවලට නෙත් පෙති තියා
බලන්
විලේ තනි කැකුළක් ඇහැරෙයි විවරණ පතා
හංස
ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස
බඳ වට විදා දිලුණු
අත්තටු
ගිනි ගනී
ගායනය
– ප්‍රදීපා ධර්මදාස
පද
රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව
හා සංගීතය - මර්වින් පෙරේරා

No comments:
Post a Comment