Monday, April 6, 2015

රතු රෝස මල් යායේ

රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

ගං හෝ සිඳී වියළී
පිපි මල් සැලී මැලවී
සඳ තාරකා නොනැඟී එදා
තනිවී හිඳී අඳුරේ

රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

බොඳ සීත සඳ එළියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා
සිහිනෙන් අසා
දෙනුවන් හිඳී නොනිදා

රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කුමාරදාස සපුකන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: