සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නලියන මදනල පොපියන මල් වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැල නිල් නුබ ගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
No comments:
Post a Comment