සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්
හරිම හරි දඟයි
කෙහෙ රැල්ල මුරණ්ඩුයි
එතකොට මට හරිම හරි බයයි
හිත මුරණ්ඩු වේදෝ
නුඹ පිට ගම් යාදෝ
මගෙ සිතිවිලි අතුරෙක යන ගානයි //
සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්
බමරු හරි වසයි
මල් වලට කෑදරයි
නුඹත් මලකි මගේ හිත බරයි
මගෙ රත්තරන් එකී
හිත කැක්කුම් දේවී
මම හීන වලට හුරු නැති ගානයි //
සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලලිත් වසන්ත
තනුව - ජයසිරි අමරසේකර
No comments:
Post a Comment