සඳ එළිය
නිල් දිය මත වැටී
කරණ දඟකම් හරිම හරිම හුරතල්
සඳ එළිය
නිල් දිය මත වැටී
එක වරෙක සිහිලට පතිත වී
කොඳ කැකුළු පුබුදයි
තව විටෙක රළුවට ඇද හැළී
විල් දියම කළඹයි
ඈ වාගෙමයි
සඳ එළිය
නිල් දිය මත වැටී
විල් මුවේ තොල්පෙති සරසනා
හස පියුම් සඳුගෙයි
සඳ රැහැන් විලටත්
විල් තලේ හෙම්බත්
ජල තරඟ සඳටත් හරි ආදරෙයි
ඈ වාගෙමයි
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - නවරත්න ගමගේ
No comments:
Post a Comment